Skip to content

Instantly share code, notes, and snippets.

@sdglhm
Created September 29, 2015 19:30
Show Gist options
  • Save sdglhm/580c595b0112cd35b13b to your computer and use it in GitHub Desktop.
Save sdglhm/580c595b0112cd35b13b to your computer and use it in GitHub Desktop.
තොරතුරු තාක්ෂණය කියන්නේ අතිශයින්ම වෙනස්වන විශයක්. ඊයේ තිබුන දේ අද වෙද්දී යාවත්කාලීන වෙලා තියෙන්න පුළුවන්. අවුරුදු ගණනාවකට කලින් අයින් කරපු දෙයක් ආයෙත් අද වෙද්දී භාවිතයට අරගෙන වෙන්නත් පුළුවන්.
පාසල් විශය නිර්දේශයටම කොටුවෙලා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න බැහැ. මොකද කියනවානම් ලෝකේ දැනට තියෙන අති විශාලම ක්ෂේත්‍රය තමයි තොරතුරු තාක්ෂණය කියන්නේ.
තත්පරයෙන් තත්පරය බිටුවෙන් බිටුව මේ තොරතුරු සාගරය විශාල වෙනවා. මේ විශාල වෙන තොරතුරු සාගරයේ යාත්‍රා කරන්න නම් තමන්ටම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕනේ. තමන්වම මාකට් වෙන්න ඕනේ.
තනියම HTML කෝඩ් එකක් ලියනවා වගේ නෙමෙයි ආයතනයක රැකියාවකට ගිහින් වෙබ් අඩවියක් නිර්මාණය කරන එක. කැමති අයත් එක්ක වගේම අකමැති අයත් එක්කත් වැඩ කරන්න වෙනවා.
තොරතුරු තාක්ෂණය විතරක් ඉගනගෙන මදි, අනාගතය ජය ගන්න නිසි වෘත්තීමය දැනීමක් තිබීම අත්‍යාවශ්‍යයි. නැතිනම් උපාධි සහතිකයකට පමණක් සීමා වෙන්න වෙනවා තමන්ගේ අසීමිත බුද්ධි හැකියාව.
එන්න, අපිත් එක්ක ඩිජිටල් දොරටු විවර කරන්න. අපි එනවා ඔබේ පාසලට. ඇවිත් අපි කථා කරමු, තොරතුරු තාක්ෂණය, පෞර්ශ වර්ධනය, වෘත්තීමය අධ්‍යාපනය.
ඔබේ පාසලට මේ මහඟු අවස්ථාව ලබාගන්න අපිට කථා කරන්න.
හිමේෂ් - +94 76 54 64 998 / himesh@eezpal.com
Sign up for free to join this conversation on GitHub. Already have an account? Sign in to comment